බෙංගාල බොක්ක මුහුදේ ධීවර කටයුතු අනතුරුදායකයි

බෙංගාල බොක්ක මුහුදේ ධීවර කටයුතු අනතුරුදායකයි

by Staff writer 03-08-2019 | 6:23 AM
COLOMBO (News 1st) :උතුරු සහ මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශවල අනින්දා සිට ලබන 09 වැනිදා දක්වා ධීවර හා නාවුක කටයුතුවල යෙදීම අනතුරුදායක බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, එම මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමිටර් 70- 80 ත් දක්වා වැඩිවිය හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි බවයි. පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ පොතුවිල් සිට මඩකලපුව දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමිටර් 60 -65 දක්වා වැඩි වියහැකි බැවින් එම මුහුදු ප්‍රදේශ ද රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ කන්කසන්තුරය සිට මුලතිව් හරහා ත්‍රිකුණාමලය දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශය රළු විය හැකි බවයි.