by Staff writer 03-08-2019 | 1:45 PM
COLOMBO (News1st) : 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව සහ අධ්‍යන පොදු සහතික පත්‍ර උසස්පෙළ විභාගවලට අදාළව නීතිවිරෝධි උපකාරක පංති සහ දේශන පැවැත්වූ ගුරුවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ , මොරටුව හා අනුරාධපුර ප්‍රදේශවල පොලීසිය කළ මෙහෙයුම්වලදීයි.
මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා දේශන , සම්මන්ත්‍රණ හා උපකාරක පන්ති පැවැත්වීම පසුගිය 30 වන දා මධ්‍යම රාත්‍රීයේ සිට තහනම් වේ.
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා වූ උපකාරක පංති හා දේශන පැවැත්වීම අවසන් කෙරුණේ පසුගිය 31 වන දා මධ්‍යම රාත්‍රීයේ සිටයි.
එම නියෝග නොතකා කටයුතු කරන පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය.
05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය හෙට පැවැත්වේ.
ඒ සදහා මෙවර අයදුම්කරුවන් තුන් ලක්ෂ 39,369 දෙනෙකු පෙනී සිටීමට නියමිතයි.
මේ අතර , අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අනිද්දා ආරම්භ වේ.
එය ලබන 31 වැනිදා දක්වා පැවැත්වෙනු ඇති.