දින 29ක් තුළ බීමත් රියැදුරන් 6956ක් අත්අඩංගුවට

දින 29ක් තුළ බීමත් රියැදුරන් 6956 දෙනෙකු අත්අඩංගුවට

by Staff writer 03-08-2019 | 3:47 PM
COLOMBO (News 1st) - දින 29ක් තුළ කළ මෙහෙයුම්වලින් බීමත් රියැදුරන් 6956 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ දිවයින පුරා බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් පසුගිය 5 වන දා ආරම්භ කළ බව ය. අද උදෑසන 6.00න් අවසන් වූ පැය 24 තුළ පමණක් බීමත් රියැදුරන් 166 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේ ය.