කෝටි 3ක රත්‍රං සමග ලාංකිකයින් 9ක් CID අත්අඩංගුවට

කෝටි 3ක රත්‍රං සමග ලාංකිකයින් 9ක් කටුනායකදී CID අත්අඩංගුවට

by Staff writer 03-08-2019 | 11:29 AM
COLOMBO (News 1st) : රුපියල් කෝටි 3කට ආසන්න වටිනාකමින් යුත් රත්‍රං තොගයක් නීතිවිරෝධීව දිවයිනට රැගෙන ආ ශ්‍රී ලාංකිකයෙන් 09 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ, කටුනායක ගුවන් තොටුපළ ඒකකය විසින් අද අලුයම අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, රත්‍රං තොගයේ බර කිලෝ ග්‍රෑම් 4කට අධික බවයි. බැංකොක් සිට දිවයිනට පැමිණි මෙම සැකකරුවන් මෙම රත්‍රං රැගෙන විත් ඇත්තේ, රන් දම්වැල් රැගෙන එන ආකාරයෙනි. අත්අඩංගුවට ගත් සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා රේගුවට භාර දීමට පියවර නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.