හම්බන්තොට නගරාධිපතිට වසර 6ක සිර දඬුවම්

හම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දුට වසර 6ක සිර දඬුවම්

by Staff writer 02-08-2019 | 11:58 AM
COLOMBO (News 1st) - හම්බන්තොට නගරාධිපති එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු සහ තවත් විත්තිකරුවෙකුට වසර 6 බැගින් මීට ටික වේලාවකට පෙර හම්බන්තොට පළාත්බද මහාධිකරණය විසින් සිර දඬුවම් නියම කරනු ලැබී ය. ඒ, 2014 වසරේ අප්‍රේල් මාසයේදී හම්බන්තොට වරාය නිරීක්ෂණයට ගිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු කණ්ඩායමකට පිස්තෝලයක් පෙන්වා බිය ගැන්වීමේ සිද්ධියට අදාළව ය. එම නඩු විභාගයේ තවත් විත්තිකරුවන් 3 දෙනෙකු නිදොස් කොට නිදහස් කිරීමට ද මහාධිකරණය නියම කළේ ය.