සහරාන්ගේ මිතුරන් දෙදෙනෙකු රඳවා තබා ප්‍රශ්න කෙරේ

සහරාන්ගේ මිතුරන් දෙදෙනෙකු රඳවා තබා ප්‍රශ්න කෙරේ

by Staff writer 02-08-2019 | 4:31 PM

COLOMBO (News 1st) - මොහොමඩ් සහරාන් නැමති ත්‍රස්තවාදියා සමග සමීපව කටයුතු කළ තවත් සැකකරුවන් දෙදෙනෙකු ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම් ආරම්භ කර තිබේ.

සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබුවේ බිබිල පොලීසිය විසිනි. සැකකරුවන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ ඔවුන් මොහොමඩ් සහරාන් සමග හම්බන්තොට ප්‍රදේශයේ පුහුණුවීම් ද ලබා ගෙන ඇති බවයි. පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදු කරනු ලැබේ.