by Staff writer 02-08-2019 | 1:02 PM
(News 1st) - මාලදිවයින් හිටපු උප ජනාධිපති අහමඩ් අඩීබ් ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන තිබේ.
විදෙස් මාධ්‍ය සඳහන් කළේ, නැව් මගින් ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයෙන් තූත්තුකුඩි වරායට පැමිණි අවස්ථාවේ එරට ආරක්ෂක අංශ ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව ය.
හිටපු ජනපති ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීම සහ මුදල් විශුද්ධිකරණය සම්බන්ධ චෝදනාවලට වරදකරු වූ හිටපු උප ජනපතිට එරට අධිකරණයකින් වසර 3ක සිර දඬුවමක් නියම කර තිබේ.
ඔහු මාලදිවයිනට භාර දීමට කටයුතු කරන බව ඉන්දීය රජය සඳහන් කළේ ය.