මරදානේ වෙඩි තැබීමක්: පුද්ගලයෙකුට තුවාල

මරදානේ වෙඩි තැබීමක්: පුද්ගලයෙකුට තුවාල

by Staff writer 02-08-2019 | 8:56 AM
COLOMBO (News 1st) - මරදාන මාලිගාකන්ද පාර ප්‍රදේශයේදී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ. පොලීසිය සඳහන් කළේ, ප්‍රදේශයේ නිවසකදී මුදල් ආරවුලක් හේතුවෙන් සිදු වූ බහින්බස් වීමක් දුර දිග යාමෙන් වෙඩි තැබීම සිදුව ඇති බව ය. ඉන් තුවාල ලබා ඇත්තේ , 77 හැවිරිදි වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදංචිකරුවෙකි. ඔහු ප්‍රතිකාර සඳහා ජාතික රෝහලට ඇතුළත් කර තිබේ. වෙඩි තැබීම සිදු කළ පුද්ගලයා පළා ගොස් ඇති අතර , ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මක ය.