පුද්ගලයින් තිදෙනෙකුට මරණ දඬුවම

මනුෂ්‍ය ඝාතනයක් සිදු කළ පුද්ගලයින් තිදෙනෙකුට මරණ දඬුවම

by Staff writer 02-08-2019 | 4:50 PM

COLOMBO (News 1st) - මනුෂ්‍ය ඝාතනයකට සහ පුද්ගලයකුට තුවාල කිරීම ඇතුළු චෝදනා දෙකකට වරදකරුවන් වූ පුද්ගලයින් තිදෙනෙකුට කුරුණෑගල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මහත්මිය අද මරණ දඬුවම නියම කර තිබේ.

එලෙස මරණ දඬුවම නියම වුයේ, පොහොරවත්ත පොල්ගහවෙල පදිංචි ඩග්ලස් වික්‍රමපාල, සෙනරත් රණසිංහ සහ ප්‍රදීප් සංජීව ජයරත්න යන තිදෙනෙකුටයි. 2005 වසරේ පොහොරවත්ත ප්‍රදේශයේදී පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කිරීම සහ තවත් පුද්ගලයෙකුට තුවාල සිදු කිරීමට තැත්කිරීම සම්බන්ධයෙන් සිව්දෙනෙකුට එරෙහිව නීතිපතිවරයාගේ උපදෙස් මත අධිචෝදනා ගොනු කර තිබුණි. ඉන් එක් විත්තිකරුවෙකු නිදොස් කොට නිදහස් කිරීමට ද මහාධිකරණ විනිසුරුවරිය නියෝග කළා ය.