බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතු අවදානම්: ආරක්ෂිත ප්‍රදේශයක් දක්වා ගමන් කරන්නැයි උපදෙස්

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතු අවදානම්: ආරක්ෂිත ප්‍රදේශයක් දක්වා ගමන් කරන්නැයි උපදෙස්

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතු අවදානම්: ආරක්ෂිත ප්‍රදේශයක් දක්වා ගමන් කරන්නැයි උපදෙස්

කර්තෘ Staff writer

02 Aug, 2019 | 7:18 am

COLOMBO (News 1st) – බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතුවල නිරතව සිටින ධීවරයින් වහාම එම ප්‍රදේශවලින් ඉවත්ව ආරක්ෂිත මුහුදු ප්‍රදේශයක් දක්වා ගමන් කරන ලෙස ධීවර දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

එහි සෝදිසි මෙහෙයුම් අංශයේ අධ්‍යක්ෂ පත්මප්‍රිය තිසේරා මහතා සඳහන් කළේ, අදාළ මුහුදු ප්‍රදේශයේ අයහපත් කාලගුණ තත්ත්වය හා දැඩි සුළං පැවතීම හේතුවෙන් මෙම දැනුම් දීම කළ බව ය.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, පුත්තලම සිට මන්නාරම සහ කන්කසන්තුරය හරහා මුලතිව් දක්වා මුහුදු ප්‍රදේශවල මෙන්ම හම්බන්තොට සිට පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 55ත් 65ත් දක්වා ඉහළ යා හැකි බව ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]