සබීතා පෙරේරා ජනපති කොමිසම හමුවට

සබීතා පෙරේරා ජනපති කොමිසන් සභාව හමුවට

by Staff writer 01-08-2019 | 7:09 AM

COLOMBO (News 1st) - ප‍්‍රවීණ රංගන ශිල්පිනී සබීතා පෙරේරා මහත්මිය අද පසුගිය සිව්වසර තුළ රාජ්‍ය ආයතනවල වංචා හා දූෂණ සොයන ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභාව හමුවට කැඳවයි.

ඒ, කෘෂිකර්ම අමාත්‍යාංශයට කුලි පදනම මත බත්තරමුල්ලේ පිහිටි පෞද්ගලික ගොඩනැගිල්ල ලබා ගැනීම සම්බන්ධ විමර්ශනයට අදාළවයි. ගොඩනැගිල්ල බදු දීම සම්බන්ධයෙන් සිදුව ඇතැයි කියන මූල්‍ය අක්‍රමිකතාව පිළිබඳව මේ වන විට කොමිසම හමුවේ පරීක්ෂණයක් ක්‍රියාත්මක අතර සබීතා පෙරේරා මහත්මිය අද කොමිසම හමුවේ ප්‍රකාශය ලබා දෙන්නේ එම ගොඩනැගිල්ලේ අයිතිකාර පාර්ශවය නියෝජනය කරමිනි. අදාළ ගොඩනැගිල්ල කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා රුපියල් මිලියන 21 ක මාසික කුලියකට ලබා ගන්නා අවස්ථාවේදී අයිතිකාර පාර්ශවය වෙනුවෙන් එම ගිවිසුමට අත්සන් තැබූ අයෙකු ලෙස වාර්තා වන්නේ සබීතා පෙරේරා මහත්මියයි. මේ අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයේ ප‍්‍රධාන ගණකාධිකාරී ආර්.ඒ.කේ.ෆොන්සේකා මහත්මිය ද අද එම කොමිසම ඉදිරියේ සාක්ෂි දීමට නියමිත බව එම කොමිසම සඳහන් කළේ ය. ඒ, නිසි පවරා ගැනීමකින් තොරව නෙවිල් ප‍්‍රනාන්දු රෝහල සඳහා රාජ්‍ය මුදල් වැය කිරීම් සම්බන්ධයෙන් වන පැමිණිල්ලේ සාක්ෂි විභාගය සඳහායි.