by Staff writer 01-08-2019 | 11:55 AM
COLOMBO (News 1st) - රටවල් 48 ක සංචාරකයින් සඳහා නිදහස් සංචාරක වීසා පහසුකම් ලබාදීමේ වැඩපිළිවල අද ආරම්භ වේ.
සංචාරක ප්‍රවර්ධන මණ්ඩලය සඳහන් කළේ, ඉන්දියාව, චීනය ඇතුළු රටවල් 48 ක සංචාරකයින්ට මේ යටතේ වීසා ගාස්තුවලින් නිදහස්ව මෙරටට පැමිණීමට අවස්ථාව හිමි වන බවයි.
අප්‍රේල් 21 ප්‍රහාරයෙන් පසුව බිඳ වැටුණු සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම මෙහි අරමුණ බව සංචාරක ප්‍රවර්ධන මණ්ඩලය සඳහන් කළේ ය.
සංචාරකයන් වැඩි වශයෙන් මෙරටට ගෙන්වා ගැනීම අරමුණු කර ගනිමින් අමාත්‍ය මණ්ඩලය නිදහස් සංචාරක වීසා බලපත‍්‍ර ලබාදීමේ වැඩපිළිවල සඳහා පසුගිය දා අනුමැතිය ලබාදී තිබේ.
මේ යටතේ ඔස්ට්‍රියාව, ඕට්‍රේලියාව, බෙල්ජියම, බල්ගේරියාව, කැනඩාව, චීනය, ඩෙන්මාර්කය, ෆින්ලන්තය, ප්‍රංශය,
ජර්මනය, ග්‍රිසිය, ඉන්දියාව, ඉන්දුනිසියාව, අයිස්ලන්තය, අයර්ලන්තය, ඊශ්‍රායලය හා ඉතාලිය යන රටවල සංචාරකයින්ට මෙරටට පැමිණීමට නිදහස් වීසා බලපත්‍ර හිමිවනු ඇති.
ජපානය, නෙදර්ලන්තය, නවසිලන්තය, නොර්වේ, පිලිපිනය, පෝලන්තය, රුසියාව, සිංප්පුරුව,බිත්‍රාන්‍ය, අමෙරිකාව ඇතුළු රටවල් ද ඊට ඇතුළත් ය.