එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය අද රැස්වෙයි

නව සන්ධානය පිළිබඳ යෝජනාව අද එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය හමුවට

by Staff writer 01-08-2019 | 6:54 AM

COLOMBO (News 1st) - එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද පෙරවරු 9.30 ට රැස්වීමට නියමිත වේ.

කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වන්නේ, පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී ය. එක්සත් ජාතික පක්ෂ ප්‍රමුඛ පක්ෂවල සහභාගීත්වයෙන් ලබන 5 වන දා බිහි කරන නව සන්ධානය පිළිබඳ යෝජනාව මෙහිදී කෘත්‍යාධිකාරී මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙකු පැවසීය.