ධීවරයින්ට හදිසි දැනුම් දීමක්

ධීවරයින්ට හදිසි දැනුම් දීමක්

by Staff writer 01-08-2019 | 8:13 PM

COLOMBO (News 1st): බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතුවල නිරතව සිටින ධීවරයින් වහාම එම ප්‍රදේශවලින් ඉවත්ව ආරක්ෂිත මුහුදු ප්‍රදේශයක් දක්වා ගමන් කරන ලෙස ධීවර දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේය.

එහි සෝදිසි මෙහෙයුම් අංශයේ අධ්‍යක්ෂ පත්මප්‍රිය තිසේරා මහතා සඳහන් කළේ, අදාල මුහුදු ප්‍රදේශයේ අයහපත් කාලගුණ තත්ත්වය හා දැඩි සුළං පැවතීම හේතුවෙන් මෙම දැනුම් දීම සිදුකළ බව ය. බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුද හෙට සිට ඉතා රළු විය හැකි බවට කාලගුණ බලධාරින් නිවේදන නිකුත් කර ඇති බව ද ධීවර දෙපාර්තමේන්තුව පවසයි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ පුත්තලම සිට මන්නාරම සහ කන්කසන්තුරය හරහා මුලතිව් දක්වා මුහුදු ප්‍රදේශවල මෙන්ම හම්බන්තොට සිට පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමිටර් 55 ත් 65 ත් දක්වා ඉහල යා හැකි බව ය. එම මුහුදු ප්‍රදේශ ගිඟුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවල දී ඉතා රළු විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් ක‍ළේ ය. එම දෙපාර්තමේන්තුව ධීවරයින්ට දැනුම් දෙන්නේ අදාළ මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවුක කටයුතු සිදු කිරීමේදී මේ පිළිබදව අවධානය යොමු කරන ලෙස ය.