නව සන්ධානය පිළිබඳ යෝජනාව අද එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය හමුවට

නව සන්ධානය පිළිබඳ යෝජනාව අද එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය හමුවට

නව සන්ධානය පිළිබඳ යෝජනාව අද එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය හමුවට

කර්තෘ Staff writer

01 Aug, 2019 | 6:54 am

COLOMBO (News 1st) – එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද පෙරවරු 9.30 ට රැස්වීමට නියමිත වේ.

කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වන්නේ, පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී ය.

එක්සත් ජාතික පක්ෂ ප්‍රමුඛ පක්ෂවල සහභාගීත්වයෙන් ලබන 5 වන දා බිහි කරන නව සන්ධානය පිළිබඳ යෝජනාව මෙහිදී කෘත්‍යාධිකාරී මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙකු පැවසීය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]