
ධීවරයින්ට හදිසි දැනුම් දීමක්
ධීවරයින්ට හදිසි දැනුම් දීමක්
කර්තෘ Staff writer
COLOMBO (News 1st): බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතුවල නිරතව සිටින ධීවරයින් වහාම එම ප්‍රදේශවලින් ඉවත්ව ආරක්ෂිත මුහුදු ප්‍රදේශයක් දක්වා ගමන් කරන ලෙස ධීවර දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේය.
එහි සෝදිසි මෙහෙයුම් අංශයේ අධ්යක්ෂ පත්මප්‍රිය තිසේරා මහතා සඳහන් කළේ, අදාල මුහුදු ප්‍රදේශයේ අයහපත් කාලගුණ තත්ත්වය හා දැඩි සුළං පැවතීම හේතුවෙන් මෙම දැනුම් දීම සිදුකළ බව ය.
බෙංගාල බොක්ක ආශ්රිත මුහුද හෙට සිට ඉතා රළු විය හැකි බවට කාලගුණ බලධාරින් නිවේදන නිකුත් කර ඇති බව ද ධීවර දෙපාර්තමේන්තුව පවසයි.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ පුත්තලම සිට මන්නාරම සහ කන්කසන්තුරය හරහා මුලතිව් දක්වා මුහුදු ප්‍රදේශවල මෙන්ම හම්බන්තොට සිට පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමිටර් 55 ත් 65 ත් දක්වා ඉහල යා හැකි බව ය.
එම මුහුදු ප්‍රදේශ ගිඟුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවල දී ඉතා රළු විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
එම දෙපාර්තමේන්තුව ධීවරයින්ට දැනුම් දෙන්නේ අදාළ මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවුක කටයුතු සිදු කිරීමේදී මේ පිළිබදව අවධානය යොමු කරන ලෙස ය.
- අසන්තා ද මෙල් ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ධුරයෙන් ඉල්ලා අස් වෙයි
- 21 ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනපති කොමිසමේ කටයුතු අවසන්
- අධ්‍යාපන ඇමති ඇතුළු පිරිසකට අභියාචනාධිකරණයෙන් නොතිසි
- අර්ජුන එජාපයේ ධුරය එපා කියයි..
- මීටියාගොඩදී තරුණයෙකු කපා කොටා ඝාතනය කළ සැකකරුවන් අත්අඩංගුවට
- කොවිඩ් ආසාදිතයින්ට නව නිරෝධායන මාර්ගෝපදේශ මාලාවක්
- ”විකුණන්නෙත් නෑ… බදු දෙන්නෙත් නෑ” – නාමල්
- චීනෙනු ත් ශ්‍රී ලංකාවට COVID එන්නත් ප්‍රදානයක්
- පේරු රටින් අඩක් වැසෙයි
- කොරෝනා මැද ඉතාලි අගමැති ඉල්ලා අස්වෙයි