විදේශීය කසල සම්බන්ධව අධිකරණයෙන් තහනම් නියෝගයක්.

විදේශීය කසල සම්බන්ධව අභියාචනාධිකරණයෙන් තහනම් නියෝගයක්.

by Staff writer 31-07-2019 | 10:56 AM
COLOMBO (News 1st) – කටුනායක නිදහස් වෙළඳ කලාප පරිශ්‍රයේ ඇති විදේශීය කසල සහ වරාය පරිශ්‍රයේ ඇති කන්ටේනර්වල කසල දිවයිනේ කිසිදු අභ්‍යන්තර ප්‍රදේශයකට රැගෙන යාම වළක්වමින්, අභියාචනාධිකරණය අද තහනම් නියෝගයක් නිකුත් කළා. අධිකරණයේ අවසරයකින් තොරව, එම කසල කන්ටේනර් ප්‍රතිඅපනයනය තහනම් කිරිමට ද අභියාචානාධිකරණ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඩුල්ල නියෝග කළා. පරිසර යුක්ති කේන්ද්‍රය මේ සම්බන්ධයෙන්, අභියාචනාධිකරණයේ ගොනු කළ, පෙත්සම විභාගයට ගැනීමට ද, අභියාචනාධිකරණය අද අවසර දුන්නා. අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල වැඩිදුරටත් නියෝග කළේ, පෙත්සමේ වගඋත්තරකරුවන්ට සැප්තැම්බර් 20 වන දින අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි, දන්වා නොතිසි නිකුත් කරන ලෙසයි. පෙත්සමේ වගඋත්තරකරුවන් වන්නේ , හේලීස් ෆ්‍රී සෝන් ලිමිටඩ් සහ ඊ.ටී.එල් කලම්බු ප්‍රයිවට් ලිමිඩට් , ශ්‍රී ලංකා ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලය ,මධ්‍යම පරිසර අධිකාරිය ,ශ්‍රී ලංකා රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ නිතිපතිවරයායි.