ගුවන් හමුදා සෙබළෙක් සිය දිවි නසා ගනී

රාජකාරීයේ යෙදී සිටි ගුවන් හමුදා සෙබළෙක් සිය දිවි නසා ගනී

by Staff writer 31-07-2019 | 3:40 PM
COLOMBO (News 1st) : කොල්ලුපිටියේ, ස්විට්සර්ලන්ත තානාපති නිල නිවස අසල රාජකාරීයේ යෙදී සිටි ගුවන් හමුදා සෙබළෙකු සිය ගිනිඅවියෙන් වෙඩි තබා ගෙන මිය ගොස් තිබේ. මෙලෙස මිය ගොස් ඇත්තේ, වයස අවුරුදු 21ක මොරගොල්ල, ගම්පොළ ප්‍රදේශයේ පදිංචි සෙබළෙකි. මෙම ගුවන් හමුදා සාමාජිකයා ගුවන් හමුදා මූලස්ථානයට අනුයුක්තව සේවය කළ අයෙකු බව පොලීසිය සඳහන් කළේ ය. වෙඩි තබා ගැනීමෙන් බරපළ තුවාල ලැබූ, ගුවන් හමුදා සාමාජිකයා ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් තිබේ.