පූජිත්ගේ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගය කල් යයි

පූජිත්ගේ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගය කල් යයි

by Staff writer 31-07-2019 | 6:13 PM
COLOMBO (News 1st) : අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම විභාග කිරීම ලබන සැප්තැම්බර් 17 වැනිදා දක්වා කල් තිබිණ. ඒ, පෙත්සම විභාග කරන එක් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු අද දින පෙනී නොසිටීම හේතුවෙනි. පෙත්සම සලකා බලන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලෙන් අද දින පෙනී සිටියේ, එස්. තුරෙයිරාජා සහ එල්.ටී.බී. දෙහිදෙණිය යන මහත්වරුන් ය. අනිවාර්ය නිවාඩු යැවීමට ජනාධිපතිවරයා කළ නියෝගය ව්‍යවස්ථා විරෝධී බවට තීරණය කරන ලෙසත්, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න වැඩබලන පොලිස්පති ධුරයට පත් කිරීමට ගත් තීරණය අවලංගු කරන ලෙසත් ඉල්ලමින්, පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනුකර තිබේ.