පදියතලාව ප්‍රා. සභා සභාපති ඇතුළු 3ක් අත්අඩංගුවට

පදියතලාව ප්‍රා. සභා සභාපති ඇතුළු 3ක් අත්අඩංගුවට

by Staff writer 31-07-2019 | 4:10 PM
COLOMBO (News 1st) : පදියතලාව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, පදියතලාවේ ප්‍රාදේශීය සභාවේ සේවකයෙකුට පරිශ්‍රය තුළදී පහරදීමේ සිද්ධියක් මත ඔවුන් අත්අඩංගුවට ගත් බවයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙහිඅත්තණ්ඩිය මහේස්ත්‍රාත් අධිකරණයට ගෙන ගොස් ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.