තැපෑලෙන් මත්පෙති ජාවාරම මෙහෙයවූ ප්‍රධාන සැකකරු ?

තැපෑලෙන් මත්පෙති ජාවාරම මෙහෙයවූ ප්‍රධාන සැකකරු හඳුනා ගැනේ.

by Staff writer 31-07-2019 | 12:05 PM
මධ්‍යම තැපැල් හුවමාරුවේදී අනාවරණ කරගත්, මත්පෙති ජාවාරම මෙහෙයවු ප්‍රධාන සැකකරු මේ වන විට හදුනා ගෙන ඇති බව, විමර්ශන කණ්ඩායම් ප්‍රකාශ කරයි. රුපියල් මිලියන 15 ක් පමණ වටිනා මත්පෙති තොගයක් සමග සැකකරුවෙකු ඊයේ මධ්‍යම තැපැල් හුවමාරුවේදී අත්අඩංගුවට ගැනින. විමර්ශන නිළධාරීයෙකු ප්‍රකාශ කළේ,  කොළඹ ප්‍ර දේශයේ  පදිංචිකරුවෙකු වන මෙහි ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීමට විශේෂ විමර්ශනයක් ක්‍රියාත්මක බවයි. පෘතුගාලයේ සිට මෙරටට යවා ඇති පාර්සලයක,  එක්ස්ටසි වර්ගයේ මත්පෙති 3050 ක් පාර්සලයක අසුරා තිබීයදී සොයා ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු ප්‍රධාන ජවාරම්කරුගේ සහයකයෙකු වන අතර, ඔහු එම පාර්සලය ලබා ගැනීමට පැමිණි අවස්ථාවේදී අත්අඩංගුවට පත් විය. 27 හැවිරිදි සැකකරු , කොළඹ 14 ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන ඔහු අද අධීකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.