කොහුවල ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට

කොහුවලදි පුද්ගලයෙකු ඝාතනය කිරීම : සැකකරුවෙකු අත්අඩංගුවට

by Staff writer 31-07-2019 | 3:00 PM
COLOMBO (News 1st) : කොහුවල ප්‍රදේශයේදී ගිනි අවියකින් වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීම හා තවත් අයෙකුට තුවාල සිදුකිරීමේ සිද්ධියට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් කළ වැටලීමකදී ඔහු අත්අඩංගුවට ගත් බවයි. සැකකරු 39 හැවිරිදි ගංගොඩවිල නුගේගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වු කරුණු අනුව, ප්‍රධාන සැකකරුගේ හිස් වැසුම් දෙකක් ද සොයා ගැනීමට හැකිවූ බව පොලිසිය ප්‍රකාශ කළේ ය. ඔහු නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.