මත්තෙගොඩ කොල්ලකරුවන්ගේ තතු හෙළිවෙයි

Update : වෑන් රථයක් පැහැරගත් මත්තෙගොඩ කොල්ලකරුවන්ගේ තතු හෙළිවෙයි

by Staff writer 30-07-2019 | 8:44 AM
COLOMBO (News 1st) : මත්තෙගොඩ වෑන් රථයක් පැහැර ගෙන යාමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන්ගේ තොරතුරු අනාවරණය වී තිබේ. එහිදී වෙඩි ප්‍රහාරයට ලක්ව තුවාල ලබා ජාතික රෝහලට ඇතුළත් කිරීමේදී එක් සැකකරුවෙකු ජීවිතක්ෂයට පත්විය. පෝදාගොඩගේ ප්‍රියන්ත නැමති 47 හැවිරිදි එම සැකකරු බලංගොඩ, කිරිඳිගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සිද්ධියෙන් පසු එක් සැකකරුවෙකු පලාගිය අතර ඔහු පිංවත්ත ප්‍රදේශයේ තුවාල ලබා සිටියදී අත්අඩංගුවට ගැනිණ. පොලීසිය පැවසුවේ උඩුගම්පොල, අස්ගිරිවල්පොල ප්‍රදේශයේ පදිංචි කසුන් නිශාන්ත නමැති 37 හැවිරිදි එම සැකකරු මේ වන විට පොලිස් ආරක්ෂාව යටතේ පානදුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි. ඊයේ රාත්‍රී මත්තේගොඩ, කිරිගම්පමුණුව ප්‍රදේශයේදී ගල්කටස් වර්ගයේ ගිනි අවියක් පෙන්වා සැකකරුවන් විසින් මෙම වෑන් රථය පැහැර ගෙන ගොස් තිබිණ. COLOMBO (News 1st) : මත්තෙගොඩ වෑන් රථයක් පැහැර ගෙන පළා යමින් සිටියදී වෙඩි ප්‍රහාරයට ලක්වූ සැකකරු මියගොස් තිබේ. පොලීසිය පැවසුවේ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී සැකකරු මියගිය බවයි. එසේම සිද්ධියෙන් පසු පලාගිය සැකකරු අත් අඩංගුවට ගෙන ඇතැයිද පොලිසිය සඳහන් කළේ ය. මත්තේගොඩ ප්‍රදේශයේදී වෑන් රථයක් පැහැර ගෙන පළා යමින් සිටි සැකකරුවන් දෙදෙනෙකුගෙන් එක් අයෙකුට පානදුර පින්වත්ත ප්‍රදේශයේදී යුද හමුදාව වෙඩි තැබී ය. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේ, පොලීසිය දෙසට ගල්කටස් වර්ගයේ ගිනි අවියකින් වෙඩි තැබීමට උත්සහ කිරිමේදී යුද හමුදාව සැකකරුගේ පාද වලට වෙඩි තබා ඇති බවයි. ඊයේ පස්වරු 7.30 පමණ මෙම සැකකරුවන් ගල්කටස් ගිනි අවිය පෙන්වා මෙම වෑන් රථය පැහැර ගෙන ගෙන ගොස් තිබිණ. වෑන් රථයේ සවිකර තිබු ජී. පී. එස්. උපකරණය ආධාරයෙන් මෙම වෑන් රථය ගමන් ගන්නා ප්‍රදේශය හඳුනාගත් පොලීසිය මේ පිළිබඳ අඟුරුවාතොට පොලීසියට දැනුම්දී තිබිණ. පොලීසිය සඳහන් කළේ, අඟුරුවාතොට පොලීසියේ නිලධාරීන් හතරදෙනෙකු වාහනය නැවැත්වීමට උත්සහ දරා ඇතැත්, වෑන් රථය අධික වේගයෙන් ධාවනය කර ඇති බවයි. එම නිලධාරීන් වෑන් රථය පසුපස ලුහුබැඳ ගොස් අනතුරුව මෙම වෑන් රථය ගාලු පාර ඔස්සේ වාද්දුව දෙසට ගමන් කිරිමේදී වාද්දුව පොලීසිය විසින් ගාලු පාරේ පිහිටි යුද හමුදා සහ පොලිස් ඒකාබද්ධ මාර්ග බාධකය වෙත දැනුම් දී තිබේ. එහිදී ආරක්ෂක අංශ වෑන් රථයව නැවැත්වීමට උත්සහ කර ඇතැත්, එහි සිටි හමුදා සෙබළුන් දෙදෙනෙකු යටකර වෑන් රථය ධාවනය කර ඇතැයි, පොලීසිය ප්‍රකාශ කළේ ය. පොලීසිය සඳහන් කළේ, ඉන් යුද හමුදා සමාජිකයෙකු බරපතළ තුවාල ලබා ඇති අතර, තවත් අයෙකු සුළු තුවාල ලබා ඇති බවයි. අනතුරුව වෑන් රථය ගාලු පාර ඔස්සේ පානදුර දෙසට ගමන් කිරිමේදී වලාන දූෂණ මර්දන ඒකකයේ නිලධාරී කණ්ඩායමක් ද ඔවුන් පසු පස ලුහුබැඳ ගොස් පොලිස් ජීප් රථය වෑන්රථය ඉදිරියෙන් හරස් කොට වෑන් රථය නතර කර තිබේ. එහිදී පලා යාමට තැත් කළ සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයෙකු පොලීසියට වෙඩි තැබීමට තැත් කළ අවස්ථාවේ යුද හමුදාව සැකකරුට වෙඩි තබා තිබිණ. https://www.youtube.com/watch?v=ysOkzA9e08Y