හෙරොයින් ජාවාරම්කරුවෙකුට මහාධිකරණයෙන් මරණ දඬුවම

හෙරොයින් ජාවාරම්කරුවෙකුට මහාධිකරණයෙන් මරණ දඬුවම

by Staff writer 30-07-2019 | 4:33 PM

COLOMBO (News 1st) - හෙරොයින් ජාවාරම්කරුවෙකුට කොළඹ මහාධිකරණය අද මරණ දඬුවම නියම කර තිබේ.

මෙලෙස මරණ දඬුවම නියම වුයේ, කොළඹ මලිගාවත්ත ප්‍රදේශයේ පදිංචි ජෙස්මින් රිස්වාන් නැමති අයෙකුටයි. හෙරොයින් ග්‍රෑම් 321 ක් සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීමේ චෝදනාවට විත්තිකරු, වරදකරුවු බවට නිගමනය කළ කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා මරණ දඬුවම නියම කරනු ලැබුවේ ය. 2016 වසරේදී ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ හෙරොයින් කිලෝග්‍රෑම් 01 යි ග්‍රෑම් 68 ක් සමගයි.