සරසවි අනධ්‍යන සේවකයින් සංකේත වැඩ වර්ජනයක

සරසවි අනධ්‍යන සේවකයින් සංකේත වැඩ වර්ජනයක

by Staff writer 30-07-2019 | 7:05 AM
COLOMBO (News 1st): ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින්, අද එක්දින සංකේත වැඩ වර්ජනයක නිරත වන බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව පවසයි. විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති ධම්මික ප්‍රියන්ත මහතා ප්‍රකාශ කළේ, වැටුප් විෂමතා ඉවත් කිරීම, එම්.සී.ඒ. දීමනාව වැඩිකිරීමට, විශ්වවිද්‍යාලවලට සේවකයන් බඳවා ගැනීමේදී විවෘත තරග විභාගයකින් එය සිදුකිරීම, ණය සීමා යාවත්කාලීන කිරීම ඇතුළු ඉල්ලීම් 11ක් මුල්කර ගනිමින් වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බවයි. මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ, සභාපති මහාචාර්ය මොහාන් ද සිල්වා මහතා ප්‍රකාශ කළේ, අදාළ ගැටලු සම්බන්ධයෙන්, අමාත්‍යාංශය සහ මුදල් අමාත්‍යාංශය දැනුම්වත් කර ඇති බවයි.