රු.මිලියන 15 ක් වටිනා මත්පෙති සමග අයෙකු අත්අඩංගුවට

රු. මිලියන 15 ක් වටිනා මත්පෙති තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

by Staff writer 30-07-2019 | 8:58 PM

COLOMBO (News 1st) - රුපියල් මිලියන 15 ක් පමණ වටිනා මත්පෙති තොගයක් සමග සැකකරුවෙකු අද මධ්‍යම තැපැල් හුවමාරුවේදී අත්අඩංගුවට ගෙන තිබේ.

රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා සඳහන් කළේ, එක්ස්ටසි වර්ගයේ මත්පෙති 3050 ක් පාර්සලයක අසුරා තිබියදී සොයා ගත් බවයි. අදාළ පාර්සලය මෙරටට පැමිණ ඇත්තේ පෘතුගාලයේ සිටය. ඔහු, අදාළ පාර්ලසලය ලබා ගැනීමට පැමිණි අවස්ථාවේදී එලෙස අත්අඩංගුවට ගත් බව සුනිල් ජයරත්න මහතා මහතා ප්‍රකාශ කළේ ය. 27 හැවිරිදි සැකකරු කොළඹ 14 ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.