බීඩි කොළ කිලෝ 2379ක් සමග ඉන්දියානුවන් 6ක් දැලේ

බීඩි කොළ කිලෝ 2379ක් සමග ඉන්දියානුවන් 6ක් දැලේ

by Staff writer 30-07-2019 | 1:26 PM
COLOMBO (News 1st) : බීඩි කොළ කිලෝග්‍රෑම් 2379 ක් සමග ඉන්දීය ජාතිකයින් හයදෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබේ. නාවික හමුදාව පැවසුවේ, ශ්‍රී ලංකාවට අයත් වයඹ මුහුදු සීමාවේදී සැකකරුවන් සහ බීඩී කොළ තොගය සමග ඉන්දිය යාත්‍රාවක්ද සිය භාරයට ගත් බවයි. ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඉන්දියානු මුහුදු සීමාවේ සිට අන්තර්ජාතික මුහුදු සීමාව හරහා ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව වෙත යාත්‍රා කරමින් තිබූ සැක කටයුතු යාත්‍රාවක් පරීක්ෂා කර තිබේ. නාවික හමුදාව පැවසුවේ, එහිදී පාර්සල් 74 ක අසුරා සඟවා තිබූ මෙම බීඩී කොළ තොගය සොයා ගැනීමට හැකිවූ බවයි. නාවික හමුදාව පැවසුවේ, මෙම වසර තුළදී පමණක් බීඩි කොළ කිලෝග්‍රෑම් 27000 කට අධික ප්‍රමාණයක් සිය භාරයට ගැනීමට කටයුතු කර ඇති බවයි.