බස්වලට භූමිතෙල් නිකුත් කරන පිරවුම්හල්වලට මුද්‍රා

බස්වලට භූමිතෙල් නිකුත් කරන පිරවුම්හල්වලට මුද්‍රා

by Staff writer 30-07-2019 | 7:55 AM
COLOMBO (News 1st) : බස් රථ සඳහා භූමිතෙල් නිකුත් කරන ඉන්ධන පිරවුම්හල් මුද්‍රා තැබීමට පියවර ගන්නා බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ජී. එස්. විතානගේ මහතා ප්‍රකාශ කළේ, අනවශ්‍ය ප්‍රමාණය ඉක්මවා භූමිතෙල් නිකුත් කරන ඉන්ධන පිරවුම්හල් පිළිබඳව ද අධ්‍යනයක් ක්‍රියාත්මක බවයි. එම වාර්තා පදනම් කරගනිමින් දැනට ක්‍රියාත්මක මෙහෙයුම් තවදුරටත් තීව්‍ර කිරීමට පියවර ගන්නා බව ද ඔහු ප්‍රකාශ කළේ ය. සභාපතිවරවා සඳහන් කළේ, මේ වන විට අක්‍රමිකතා සිදුකළ එවැනි ඉන්ධන පිරවුම්හල් දෙකකට මුද්‍ර තැබූ බවයි. මේ අතර පවතින මෙම තත්ත්වය පාලනය කිරීමට ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කිරිම සඳහා විශේෂ කමිටුවක් පත් කිරීමට තීරණය කර තිබේ. ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති ජී. එස්. විතානගේ මහතා පැවසුවේ, ඒ සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නියෝජිතයින් ද එක්වන බවයි. අදාළ කමිටුව මගින් සිදුවන මෙම අක්‍රමිකතා පාලනයට ගත හැකි විසඳුම් පිළිබඳ වාර්තා කිරීමට නියමිතව තිබේ.