ප්‍රදේශ රැසක උෂ්ණත්වය ඉහළට

ප්‍රදේශ රැසක උෂ්ණත්වය ඉහළට...

by Staff writer 30-07-2019 | 4:09 PM

COLOMBO (News 1st) - ප්‍රදේශ රැසක උෂ්ණත්වය සාමාන්‍ය අගයට වඩා සෙල්සියස් අංශක 02 - 03 ත් අතර අගයකින් ඉහළ ගොස් තිබේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව අද උදෑසන 8.30 න් අවසන් වූ පැය 24 තුළ දිවයිනේ උපරිම උෂ්ණත්වය වාර්තා වූයේ රත්නපුර ප්‍රදේශයෙනි. එය සෙල්සියස් අංශක 33.9 කි. මේ අතර නුවරඑළිය ප්‍රදේශයේ උෂ්ණත්වය ද සාමාන්‍ය අගයට වඩා සෙල්සියස් අංශක 03 කින් ඉහළ ගොස් ඇත. කටුගස්තොට, රත්මලාන සහ රත්නපුර ප්‍රදේශවල උෂ්ණත්වය සාමාන්‍ය අගයට වඩා සෙල්සියස් අංශක 02 කින් ඉහළ ගොස් ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය.