පැය 24 ක් තුළ බීමත් රියැදුරන් 179 ක් අත්අඩංගුවට

දින 25 ක් තුළ බීමත් රියැදුරන් 6315 දෙනෙකු අත්අඩංගුවට

by Staff writer 30-07-2019 | 5:50 PM

COLOMBO (News 1st) - දින 25 ක් තුළ සිදු කළ මෙහෙයුම්වලින් බීමත් රියැදුරන් 6315 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, දිවයින පුරා බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් පසුගිය 5 වැනි දා ආරම්භ කළ බවයි. අද උදෑසන 6.00 න් අවසන් වූ පැය 24 තුළ පමණක් අත්අඩංගුවට ගෙන ඇති බීමත් රියැදුරන් සංඛ්‍යාව 179 කි. බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක බව පොලීසිය ප්‍රකාශ කළේ ය.