by Staff writer 30-07-2019 | 4:52 PM
COLOMBO (News 1st) - රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනයේ තොරතුරු වසන් කිරීමේ චෝදනාව යටතේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතාට එරෙහිව පවරා ඇති නඩුවේ සාක්ෂි විභාගය ලබන ඔක්තෝබර් 23 වැනි දා ආරම්භ කිරීමට කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා අද නියෝග කර තිබේ.
එම නඩුවේ පැමිණිල්ල විසින් විත්තියට ලබා දිය යුතු ලේඛන සතියක කාලයක් ඇතුළත විත්තියට ලබාදීමට පියවර ගන්නා ලෙසට ද ප්‍රධාන මහාධිකරණ විනිසුරුවරයා එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් ඩිලාන් රත්නායක මහතාට නියෝග කළේ ය.