රටවල් 45කට නිදහස් සංචාරක වීසා පහසුකම දීම ලබන 1 සිට

රටවල් 45කට නිදහස් සංචාරක වීසා පහසුකම දීම ලබන 1 සිට

by Staff writer 29-07-2019 | 12:37 PM
COLOMBO (News 1st) : ලොව රටවල් 45 ක් සඳහා නිදහස් සංචාරක වීසා පහසුකම් ලබාදීම ලබන පළමුවැනිදා ආරම්භ වේ. ආගමන විගමන දෙපාර්තමේන්තුව පැවසුවේ ඉන්දියාව, චීනය ඇතුළු රටවල් 45 ක් සඳහා එලෙස නිදහස් සංචාරක වීසා පහසුකම් ලබාදෙන බවයි. මෙහි ප්‍රමුඛ අරමුණ වන්නේ බිඳ වැටුණු සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම බව ආගමන විගමන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය. අප්‍රෙල් 21 වැනිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර මාලාවෙන් පසු මෙරට සංචාරකයින් පැමිණිම පහළ වැටිණ.