by Staff writer 29-07-2019 | 4:03 PM
COLOMBO (News 1st) - මත්ද්‍රව්‍ය විරෝධි සටනේදී තමා තනිවී නොමැති බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.
ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේ, අද පෙරවරුවේ රත්නපුරයේ පැවති උත්සවයක් අමතමිනි.
එහිදී ජනාධිපතිතුමා පැවසුවේ, මත්ද්‍රව්‍ය විරෝධි සටනේදී රටේ ජනතාව 90% ක් තමා සමග එක් ව සිටින බවයි.
තමා සියලු තීන්දු තීරණ ගනු ලබන්නේ රටේ අනාගත පරපුර වෙනුවෙන් යහපත් රටක් ගොඩ නැගීමට බව ජනාධිපතිතුමා සඳහන් කළේ ය.
ජනාධිපතිතුමා එහිදී වැඩිදුරටත් කියා සිටියේ දේශපාලඥයන්, රාජ්‍ය නිලධාරියා මෙන්ම බුද්ධිමතුන් සියලු දෙනා අද දවසේ මාතෘ භූමිය වෙනුවෙන් වගකීම් නිසි ලෙස ඉටු කිරීමට පෙරට ආ යුතු බවයි.