පැය 24 ක් තුළ බීමත් රියැදුරන් 212 ක් අත්අඩංගුවට

පැය 24 ක් තුළ බීමත් රියැදුරන් 212 දෙනෙකු අත්අඩංගුවට

by Staff writer 29-07-2019 | 4:33 PM

COLOMBO (News 1st) - දීපව්‍යාප්තව සිදු කළ මෙහෙයුමකින් පැය 24 ක් තුළ බීමත් රියැදුරන් 212 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, ඊයේ උදෑසන 6.00 සිට අද උදෑසන 6.00 දක්වා එම මෙහෙයුම ක්‍රියාත්මක කළ බවයි. දිවයින පුරා බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම ආරම්භ කළේ පසුගිය 05 වැනි දායි. එදින සිට අද දිනය දක්වා කාලය තුළ අත්අඩංගුවට ගෙන ඇති බීමත් රියැදුරන් සංඛ්‍යාව 6136 කි. බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුම අඛණ්ඩව ක්‍රියාත්මක බව පොලීසිය ප්‍රකාශ කළේ ය.