කඩොලාන පරිසර පද්ධති දෙකක්

පුත්තලමේ කඩොලාන පරිසර පද්ධති දෙකක් රක්ෂිත ලෙස නම් කෙරේ

by Staff writer 28-07-2019 | 7:51 AM

COLOMBO (News 1st) - පුත්තලම දිස්ත්‍රික්කයේ කඩොලාන පරිසර පද්ධති දෙකක් රක්ෂිත ලෙස නම් කරමින් ජනාධිපතිතුමා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

එලෙස රක්ෂිත ලෙස නම් කර ඇත්තේ, පුත්තලම මාදම්පේ පිහිටි පොල් ඇල මෝදර කඩොලාන පරිසර පද්ධතිය හා පුත්තලම තත්කාලකුඩි කඩොලාන පරිසර පද්ධතියයි. ඒවායේ විශාලත්වය හෙක්ටෙයාර් 52 කි.