අත්‍යවශ්‍ය සේවාවේ ගැසට් නිවේදනය නිකුත් කෙරේ

දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවාවක් කරමින් ජනපතිගෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයක්

by Staff writer 28-07-2019 | 7:27 AM

COLOMBO (News 1st) - දුම්රිය සේවාව තවදුරටත් අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඊයේ දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ, ඒ 1979 අංක 61 දරණ අත්‍යවශ්‍ය මහජන සේවා පනත අනුවයි. ඒ අනුව මගීන් හෝ භාණ්ඩ සඳහා වන සියලුම පොදු ප්‍රවාහන සේවාවන් කාර්යක්ෂම හා අඛණ්ඩව පවත්වාගෙන යාම දුම්රිය ධාවනය, මාර්ග නඩත්තුව හා නිසි ආරක්ෂාව සැපයීම දුම්රිය සේවකයින් විසින් සිදු කළ යුතුයි. එමෙන්ම සංඥා පද්ධති හා මෙහෙයුම් ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම ඇතුළු දුම්රිය සේවාවන් පවත්වාගෙන යාම සඳහා සියලු වැඩ හා ඕනෑම ආකාරයක ශ්‍රමය සැපයීමට දුම්රිය සේවකයින් කටයුතු කළ යුතු බව ද අතිවිශේෂ ගැසට් නිවේදනයේ දැක්වේ.