හොංෂූ දූපතේ මැග්නිටියුඩ් ඒකක 6.3 ක භූ චලනයක්

ජපානයේ හොංෂූ දූපතේ මැග්නිටියුඩ් ඒකක 6.3 ක භූ චලනයක්

by Staff writer 28-07-2019 | 9:57 AM

News 1st - ජපානයේ හොංෂූ දූපතේ වෙරළ ආශ්‍රිතව මැග්නිටියුඩ් ඒකක 6.3 ක ප්‍රභලත්වයෙන් යුත් භූ චලනයක් හටගෙන තිබේ.

හොංෂූ දූපත සැලකෙන්නේ ජපානයේ විශාලතම සහ වැඩිම ජනගහණයක් සහිත දූපත ලෙසයි. කෙසේ වෙතත් මේ භූ චලනය හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නැත. මින් සිදු වූ ජීවිත හෝ දේපොළ හානි ද මෙතෙක් වාර්තා වී නැති බව සඳහන් වේ.