කෝට්ටේ සහ කඩුවෙල ජල සැපයුම යථා තත්ත්වයට

කෝට්ටේ සහ කඩුවෙල ජල සැපයුම යථා තත්ත්වයට

by Staff writer 28-07-2019 | 4:45 PM
COLOMBO (News 1st) : කෝට්ටේ සහ කඩුවෙල මහනගර සභා බල ප්‍රදේශය ඇතුළු ප්‍රදේශ රැසක ජල සැපයුම මේ වනවිට යථා තත්ත්වයට පත් කර ඇතැයි, ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය පවසයි. එහි නඩත්තු අංශයේ බටහිර මධ්‍යම ,සහකාර සාමාන්‍යාධිකාරී ඒ කේ කපුරුගේ මහතා සදහන් කළේ, අද පස්වරුව වනවිට සියලු ප්‍රදේශවලට ජලය ලැබෙනු ඇති බවයි. කෝට්ටේ ජුබිලි ජල තටාකයට ජලය රැගෙන එන ප්‍රධාන නළ මාර්ගයේ අද අලුයම හදිසි බිඳ වැටීමක් හේතුවෙන් කොළඹ 5, 7 , 8 , මහරගම බොරලැස්ගමුව ඇතුළු ප්‍රදේශ රැසක ජල සැපයුම බිඳ වැටී තිබිණ.