කලල්පිටියේ ලොරි රථ අනතුරකින් රියැදුරු මරුට

කලල්පිටියේ ලොරි රථ අනතුරකින් රියැදුරු මරුට

by Staff writer 28-07-2019 | 8:07 AM

COLOMBO (News 1st) - කොළඹ - නුවර මාර්ගයේ කලල්පිටිය ප්‍රදේශයේදී අද අලුයම සිදු වූ රිය අනතුරකින් පුද්ගලයකු මිය ගොස් තිබේ.

පොලීසිය සඳහන් කළේ, කොළඹ සිට පොළොන්නරුවට ගමන් කළ මගී ප්‍රවාහන බස් රථයක් හා කොළඹ දෙසට ගමන් කළ ලොරි රථයක් අනතුරට ලක් ව ඇති බවයි. අනතුරින් ලොරි රථයේ රියැදුරු මිය ගොස් තිබේ. බස් රථය මාර්ගයෙන් ඉවතට පැන ඇති අතර ඉන් සිව්දෙනෙකු තුවාල ලබා ඇතැයි පොලීසිය සඳහන් කළේ ය. ඔවුන් වතුපිටිවල රෝහලට ඇතුළත් කර තිබේ. බස් රථය ඉස්සර කිරීමට යාමේදී මෙම අනතුර සිදුව ඇතැයි පොලීසිය පැවසුවේ ය. අනතුර සම්බන්ධයෙන් බස් රථ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇත.