කොහුවල වෙඩි තැබීමකින් අයෙකු මරුට

කොහුවල වෙඩි තැබීමකින් අයෙකු මරුට

by Staff writer 28-07-2019 | 7:17 AM

COLOMBO (News 1st) - කොහුවල, ජම්මුගස්මුල්ල ප්‍රදේශයේදී අද අලුයම 1.10 ට පමණ සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයකු මිය ගොස් තිබේ.

පොලීසිය සඳහන් කළේ, ජීප් රථයකින් ගමන් කරමින් සිටි දෙදෙනෙකුට නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි තබා පළා ගොස් ඇති බවයි. වෙඩි වැදීමෙන් තුවාල ලැබූ ජීප් රථයේ පුද්ගලයින් දෙදෙනා කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව එක් අයෙකු මියගොස් ඇත. ඔහු 38 හැවිරිදි උඩහමුල්ල ප්‍රදේශයේ පදිංචි ජීප් රථයේ රියැදුරු වේ. මෘත ශරීරය කළුබෝවිල රෝහලේ තැන්පත් කර ඇත. වෙඩි වැදීමෙන් තුවාල ලැබූ අනෙක් පුද්ගලයා වැඩිදුර ප්‍රතිකාර සඳහා ජාතික රෝහලට ඇතුළත් කළ බව පොලීසිය සඳහන් කළේ ය. වෙඩි තබා පළා ගිය සැකකරුවන් සොයා පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.