සරසවි ප්‍රවේශය ලැබූ සිසුන් වෙනුවෙන් නව පාඨමාලා 2ක්

සරසවි ප්‍රවේශය ලැබූ සිසුන් වෙනුවෙන් නව පාඨමාලා දෙකක්

by Staff writer 27-07-2019 | 6:57 AM
COLOMBO (News 1st) - මෙවර විශ්වවිද්‍යාල ප්‍රවේශය ලැබූ සිසුන් වෙනුවෙන් නව පාඨමාලා දෙකක් හඳුන්වා දී ඇතැයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම පවසයි. භූගෝලීය තොරතුරු විද්‍යාව සහ සමාජ වෘතවේදය එම පාඨමාලා දෙකයි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පැවැත්වෙන එම පාඨමාලා දෙක සඳහා සිසුන් 50 බැගින් තෝරා ගෙන ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සඳහන් කළේ ය. 2018 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත දිස්ත්‍රික්කවලින් විශ්වවිද්‍යාල අධ්‍යයන පාඨමාලා සඳහා සිසුන් බඳවා ගැනීමේ අවම කඩයිම් ලකුණු ඊයේ නිකුත් කරනු ලැබී ය. www.selection.ugc.ac.lk වෙඩ් අඩවියට පිවිස සිසුන්ට තමන් තේරී ඇති පාඨමාලාව සහ විශ්වවිද්‍යාලය පරීක්ෂා කළ හැකි ය. මෙවර විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සාමාන්‍ය ප්‍රවේශය යටතේ සිසුන් 30830 දෙනෙකු තෝරාගෙන ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සඳහන් කළේ ය.