මොනරාගල මංගල සාදයක් ඝාතනයකින් කෙළවර වෙයි

මොනරාගල මංගල සාදයක් ඝාතනයකින් කෙළවර වෙයි

by Staff writer 27-07-2019 | 3:08 PM
COLOMBO (News 1st) : මොනරාගල, ගඩොල්බැද්ද ප්‍රදේශයේ මංගල සාදයකදී මුගුරුකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ. පොලීසිය සඳහන් කළේ, ආරවුලක් දුර දිග යාමෙන් ඝාතනය සිදු කර ඇති බවයි. ඝාතනයට ලක්ව ඇත්තේ , 42 හැවිරිදි මොනරාගල ප්‍රදේශයේ පදංචිකරුවෙකි. ඝාතනය සිදුවන අවස්ථාවේ දෙපිරිසම බීමතින් සිට ඇති බව පොලීසිය ප්‍රකාශ කළේ ය. ඝාතනය සිදුකළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ.