නුවර පාරේ අනතුරු දෙකකින් දෙදෙනෙකු මරුට

නුවර පාරේ අනතුරු දෙකකින් දෙදෙනෙකු මරුට

by Staff writer 27-07-2019 | 2:20 PM
COLOMBO (News 1st) : කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ පිළිමතලාව සහ මාරවිල , නාත්තණ්ඩිය ප්‍රදේශවල සිදුවූ රිය අනතුරු දෙකකින් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් තිබේ. පොලිසිය සඳහන් කළේ, පිළිමතාව ප්‍රදේශයේදී ලොරි රථයක ගැටීමෙන් පදිකයෙකු මිය ගොස් ඇති බවයි. මිය ගොස් ඇත්තේ , 42 හැවිරිදි පිළිමතලාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන තිබේ. මේ අතර , මාරවිල නාත්තාන්ඩිය , යටගලාන ප්‍රදේශයේ යතුරු පැදියක් අනතුරට ලක් වීමෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්විය. පොලීසිය සඳහන් කළේ, ඔහු ගමන් කළ යතුරැපැදිය මාර්ගයෙන් ඉවතට පැන පෙරළීමෙන් අනතුර සිදුව ඇති බවයි. මිය ගොස් ඇත්තේ , 39 හැවිරිදි නාත්තණ්ඩිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.