by Staff writer 27-07-2019 | 10:18 AM
COLOMBO(News 1st) - බ්‍රිතාන්‍යයේ කාර්යබහුලම ගුවන්තොටුපොළවල් දෙකක් වන ලන්ඩනයේ හීත්‍රෝ සහ ගැට්වික් යන ගුවන්තොටුපොළවල් ආශ්‍රිතව ඇති වූ තාක්‍ෂණික දෝෂ හේතුවෙන් ගුවන් ගමන් රැසකට බාධා එල්ල වී තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කෙළේ, අදාළ ගුවන්තොටුපොළවල් ආශ්‍රිත රේඩාර් පද්ධතියේ ඇති වූ තාක්‍ෂණික දෝෂයක් මීට හේතු වි ඇති බව ය.
පවතින උණුසුම් කාලගුණය මෙම තාක්ෂණික දෝෂයන්ට හේතු වී ඇති බවට අනුමාන කරයි.
මේ අතර අධික වර්ෂාව හමුවේ ඇති වී තිබෙන අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මුම්බායි ගුවන්තොටුපොළේ ගුවන් ගමන් 17ක් අවලංගු කිරීමට ඉන්දීය බලධාරීන් පියවර ගෙන තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මේ හේතුවෙන් මුම්බායි ගුවන්තොටුපොළෙන් පිටත් වීමට තිබූ ගුවන් ගමන් රැසක් ප්‍රමාද කිරීමට ද පියවර ගෙන ඇති බව ය.
මේ අතර මුම්බායි ගුවන්තොටුපොළ ආසන්න මාර්ග සහ මුම්බායි නගරයේ ප්‍රධාන මාර්ග රැසක් පසුගිය දින දෙක පුරා නොකඩවා ඇද හැළුණු අධික වර්ෂාව හේතුවෙන් ජලයෙන් යට වී ඇති බව සඳහන් ය.
මාර්ග රැසක් ජලයෙන් යට වීම හේතුවෙන් නගරයේ අධික මාර්ග තදබදයක් පැවැති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.