by Staff writer 27-07-2019 | 10:12 PM
COLOMBO (News 1st) : කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යා ආයතනය වහාම ක්‍රියාත්මක වන පරිදි අද සිට නැවත දැනුම් දෙන තුරු අද සිට වසා දමා තිබේ.
දේශීය වෛද්‍ය විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ මහාචාර්ය ප්‍රියානි පරණගම මහත්මිය අද නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ පිරිමි නේවාසිකාගාරයේ උද්ගතව ඇති ශිෂ්‍ය නීති විරෝධී කටයුතු හේතුවෙන් මේ තීරණය ගත් බවයි.
පැවත්විමට නියමිත සියලු විභාග කටයුතු ද නැවත දැනුම් දෙන තුරු කල් දමා ඇතැයි මෙහි සදහන් ය.
සියලු සිසුන්ට නේවාසිකාගාරවලින් හා ආයතන පරිශ්‍රයෙන් ඉවත් වන ලෙස දැනුම් දෙන බවද අධ්‍යක්ෂවරයා සදහන් කර තිබේ.