කිරිඇල්ලේදී සිදු වූ රිය අනතුරකින් සිසුවෙකු මරුට

කිරිඇල්ලේදී ටිපර් රථයක් හා ත්‍රිරෝද රථයක් ගැටීමෙන් සිසුවෙකු මරුට

by Staff writer 27-07-2019 | 8:56 AM
COLOMBO (News 1st) - කිරිඇල්ල හැරනියාවක ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් 15 හැවිරිදි සිසුවෙකු මිය ගොස් තිබේ. පොලීසිය පැවසුවේ, හැරනියාවක අයගම මාර්ගයේ 4 කණුව අසළදී ත්‍රිරෝද රථයක් ටිපර් රථයක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව ය. අනතුරින් ත්‍රිරෝද රථයේ රියැදුරුවරිය සහ ඇගේ දරුවන් දෙදෙනා තුවාල ලබා රෝහල්ගත කිරීමේදී එක් අයෙකු මිය ගොස් තිබේ. අනතුර සම්බන්ධයෙන් සැකපිට ටිපර් රථයේ රියැදුරු අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේ ය.