by Staff writer 27-07-2019 | 9:53 AM
COLOMBO (News 1st) - යටියන්තොට කබුළුමුල්ල දේවාලයේ වාර්ෂික පෙරහැර නිමිත්තෙන් අද රාත්‍රියේ හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගයේ රථ වාහන ධාවනය සීමා කර තිබේ.
පොලීසිය පැවසුවේ, අද රාත්‍රී 9.00ට හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගයේ අවිස්සාවේල්ල දෙසට ගමන් කර කරවනැල්ල නගරයේ වටරවුම ඔස්සේ පෙරහැර දේවාලය දක්වා ගමන් කිරීමට නියමිතව ඇති බව ය.
එම මාර්ගයේ ගමන් ගන්නා මහජනතාව සහ රියැදුරන් අදාළ කාලසීමාව තුළදී විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය දැනුම් දෙයි.