අගමැති ඉන්දියාවේ දේව යාගයක...

අගමැති ඉන්දියාවේ දේව යාගයක...

by Staff writer 27-07-2019 | 10:15 PM
COLOMBO (News 1st) : අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ සංචාරයක නිරත වී සිටී. ඉන්දීයාවේ සංචාරයක නිරත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ කොල්ලූර්හි ශ්‍රී මූගාම්බික දේවාලයට ගොස් පූර්ණහුතී චන්ද්‍රිකා යාගයට එක්විය. මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ද මෙම අවස්ථාවට එක්ව සිටින අතර, ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ඔහු මීට පෙර 2017 වසරේදී ද මෙම දේවාලයට පැමිණ ආගමික වතාවත් වල නිරත වූ බවයි. අග්‍රාමාත්‍යවරයාගේ පැමිණිම නිසා දේවාල පරිශ්‍රයට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා තිබූ බවත්, අදාළ යාගයට සීමිත පිරිසකට පමණක් සහභාගි වීමට අවස්ථාව දුන් බවත් ඉන්දියන් එක්ස්ප්‍රස් වාර්තාවේ සදහන් ය.