සරසවි ප්‍රවේශය ලැබූ සිසුන් වෙනුවෙන් නව පාඨමාලා දෙකක්

සරසවි ප්‍රවේශය ලැබූ සිසුන් වෙනුවෙන් නව පාඨමාලා දෙකක්

සරසවි ප්‍රවේශය ලැබූ සිසුන් වෙනුවෙන් නව පාඨමාලා දෙකක්

කර්තෘ Staff writer

27 Jul, 2019 | 6:57 am

COLOMBO (News 1st) – මෙවර විශ්වවිද්‍යාල ප්‍රවේශය ලැබූ සිසුන් වෙනුවෙන් නව පාඨමාලා දෙකක් හඳුන්වා දී ඇතැයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම පවසයි.

භූගෝලීය තොරතුරු විද්‍යාව සහ සමාජ වෘතවේදය එම පාඨමාලා දෙකයි.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පැවැත්වෙන එම පාඨමාලා දෙක සඳහා සිසුන් 50 බැගින් තෝරා ගෙන ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සඳහන් කළේ ය.

2018 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත දිස්ත්‍රික්කවලින් විශ්වවිද්‍යාල අධ්‍යයන පාඨමාලා සඳහා සිසුන් බඳවා ගැනීමේ අවම කඩයිම් ලකුණු ඊයේ නිකුත් කරනු ලැබී ය.

www.selection.ugc.ac.lk වෙඩ් අඩවියට පිවිස සිසුන්ට තමන් තේරී ඇති පාඨමාලාව සහ විශ්වවිද්‍යාලය පරීක්ෂා කළ හැකි ය.

මෙවර විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සාමාන්‍ය ප්‍රවේශය යටතේ සිසුන් 30830 දෙනෙකු තෝරාගෙන ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සඳහන් කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]