English
தமிழ்
කර්තෘ Staff writer
27 Jul, 2019 | 6:39 am
COLOMBO (News 1st) – බංග්ලාදේශය සමග පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 91ක ජයක් වාර්තා කළේ ය.
එම තරගයෙන් අනතුරුව සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ජාත්‍යන්තර තරග බිමට සමු දුන්නේ ය.
කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දිවා රාත්‍රී තරගයක් ලෙස පැවති තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කුසල් ජනිත් පෙරේරා ලකුණු 111ක් රැස් කළේ පන්දු 99කිනි.
ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 48ක් රැස් කළ අතර කුසල් මෙන්ඩිස් ලකුණු 43යි.
ශෆියුල් ඉස්ලාම් ලකුණු 62ට කඩුලු 3ක් දවා ගත්තේ ය.
ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 අවසානයේදී කඩුලු 8කට රැස් කළ ලකුණු සංඛ්‍යාව 314කි.
පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි බංග්ලාදේශ ඉනිම සුනු විසුණු කිරීමට ලසිත් මාලිංග ප්රමුඛ ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ.
ක්‍රීඩාංගණයට රැස් වුණු දහස් ගණනක් වූ ක්‍රීඩා ලෝලීන්ගේ ඔල්වරසන් මධ්‍යයේ මාලිංග තරගයේ පළමු කඩුල්ල දවා ගත්තේ පළමු පන්දු වාරයේදී ය.
මාලිංගට අනගි සහයක් ලබා දුන් නුවන් ප්‍රදීප් රොෂාන් කඩුලු 3ක් දවා ගත් අතර ශ්‍රී ලංකා පන්දු යවන්නන් අබියස බංග්ලාදේශ පිතිකරුවන් 5 දෙනෙකුටම ලකුණු 10 සීමාව පසු කිරීමට හැකි නොවීය.
සබීර් රහ්මාන් ලකුණු 60ක් රැස් කළ අතර මුෂ්ෆිකර් රහීම් ලකුණු 67ක් රැස් කළේ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වෙමිනි.
ලකුණු 200ක් තුළ බංග්ලාදේශයේ කඩුලු 9ක් බිඳ වැටුණු අතර සිය අවසන් එක්දින පන්දු වාරයේ සිව් වැනි පන්දුවේදී ලකුණු 223කට බංග්ලාදේශ අවසන් කඩුල්ල දවා ගැනීමට ලසිත් මාලිංග සමත් විය.
ඒ අනුව මාලිංග මෙම තරගයේදී කඩුලු තුනක් දවා ගත් අතර වසර 15ක එක්දින තරග ඉතිහාසයේ දවාගෙන ඇති මුළු කඩුලු ගණන 338කි.
කඩුලු ත්‍රිත්ව තුනක් දවා ගත් ලොව එකම පන්දු යවන්නා වන මාලිංග ලොව වැඩිම කඩුලු ලාභී එක්දින පන්දු යවන්නන් අතර 9 වන ස්ථානයේ රැඳී සිටියි.
මුත්තයියා මුරලිදරන් සහ චමින්ද වාස්ගෙන් අනතුරුව එක්දින පිටියේ වැඩිම කඩුලු ලාභී පන්දු යවන්නා වන්නේ ද ලසිත් මාලිංග ය.
26 Jan, 2022 | 09:46 PM
17 Oct, 2019 | 08:25 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS